Pages

Saturday, February 18, 2023

සියලු ආශා අත්හල වංශවතකුගේ කතාන්දරය

 





අතීතයේ පස්යොදුන් රට නමින් හැඳින්වූ ශ‍්‍රී ලංකාවේ බටහිර වෙරළට මායිම් වන කළුතර, යටත් විජිත සමයේ බොහෝ ප‍්‍රභූ ජනයාගේ ගෞරවාදරයට පාත‍්‍ර වුණු ප‍්‍රදේශයකි. කළු ගංඟාවෙන් පෝෂණය වුණු සශ‍්‍රීක තැනිතලාවකි. එකල පොහොසතුන් නුවරඑළිය හැරුණු විට සැප පහසුව සොයා ගියේ කළුතරටයි. කළුතර නගරයෙන් සැතපුමක් පමණ දුර පලාතොට මාර්ගයේ ගමන් කරන්නකුට මොසැක් කලාවට අනුව සැකසුණු දැවැන්ත නාම පුවරුවක රිච්මන්ඞ් කාසල් යනුවෙන් නිර්මාණය කොට තිබෙනු දැක ගත හැකිය. අඩි 100ක් පමණ දිග මෙම පුවරුව මීට සිය වසකට පමණ පෙර තිබුණු ප්‍රෞඪ මතකයක් සොයා යාමේ ආරම්භක සලකුණයි. මෙතැන් සිට ආරම්භ වන විශාල තොරණක් සහිත පොල් වත්ත මැදින්, මීටර 500ක් පමණ දුරක දී හමුවන කළු ගඟට මායිම්ව පිහිටි තරමක් උස් කඳු ගැටයක ඉදි වුණ මහා මන්දිරයක් වෙයි. එකල අක්කර 40ක පමණ වර්ග ප‍්‍රමාණයක පැතිරුණු මෙම භූමිය මල් උයනක්ව තිබූ බව ඒ ගැන තතු දත්තෝ කියති. මල් උයන අද නැතත් අතීත කථාවක මතක සුවඳ සඟවාගෙන ඒ මහා මන්දිරය නිසොල්මනේ අප ඉදිරියේ බලා සිටියි. ඒ රිච්මන්ඞ් මැදුරයි. සියලූ සැප සම්පත් හැර දමා ආදරයේ වේදනාවෙන් වෙන්ව ගිය මහා ධන කුවේරයකුගේ කතාන්දරය මෙම මාලිගය තුළ සැඟවී තිබේ.